ප්‍රේමතිලක පෙරමුණ
මහා මාර්ග දෙපාර්තමේන්තුව මඟින් ඉකුත් 5 වැනි දා පැලවත්ත මංසන්ධියේ ප්‍රතිසංස්කරණය කරමින් තිබූ බෝක්කුවක කොන්ක්‍රීට් තට්ටුවක් හිස මතට කඩා වැටී සිදුවූ අනතුරකින් එහි සේවය කළ කම්කරුවෙකු මිය ගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බෙල්ලන යකුපිටිය ප්‍රදේශයේ පදිංචි එන්.නන්දන නම් 37 හැවිරිදි දෙදරු පියෙකි.
මහාමාර්ග දෙපාර්තමේන්තුවට අනුයුක්ත අනියම් සේවකයකු ලෙස කටයුතු කර ඇති මොහු හා තවත් සේවකයකු අනතුරින් තුවාල ලබා මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නාගොඩ මහ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.
ජිවිතක්ෂයට පත් පුද්ගලයා ඉකුත් ප්‍රාදේශීය සභා මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයකු බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd