( එම්.එන්.පියරත්න )
කතරගම නාගහවීදියේ සොහොන් භූමිය විවිධ පුද්ගලයින් අල්ලා ගෙන කොළඹ වැනි ප්‍රදේශවල පුද්ගලයින්ට විකිණීම නිසා අක්කර 2 ක් පමණ වූ සොහොන් භූමිය දැන් අක්කර කාලකට පමණ සීමාවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
එම ප්‍රදේශයේම කිහිප දෙනකු සංවිධානාත්මකව මෙම සොහොන් භූමියේ කොටස් විකුණා ඇති බවත් එකම ඉඩම කීප දෙනෙකුටම විකුණා ඇති බැවින් එමගින් ඇති වෙන ආරවුල් නිසා ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයට බාධා ඇතිවන බවත් කියැවේ.
කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කළ විමසුකදී එහි උසස් නිලධාරියකු පැවසුවේ මේ සම්බන්ධයෙන් පෙත්සම් සහ විවිධ පැමිණිලි ගම්වාසීන්ගෙන් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරමින් යන බවත් ය.
COMMENTS
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් නිදාගෙනද ඉන්නේ
කලබල වියයුතු කරුණක් නොවේ. තවටික දවසක් යනකොට දේවාලය, කිරිවෙහෙර, වැඩිහිටිකන්ද, සෙල්ල කතරගම ආදී ස්ථානත් කැලි කඩලා විකුනන්න ලෑස්තිකරයි අපේ දේශපාලුවෝ.