(දිලීප් ජයසේකර)
කතරගම වන්දනාවේ පැමිණෙන තරුණයින් සඳහා අලෙවි කිරීමට හෙරොයින් මත් කුඩු රැගෙන යමින් සිටි තරුණයෙකු සෙල්ලකතරගම පාරේදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් අද(16) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත් වූයේ කඳසුරිදුගම, ගම්උදාව පාර, කතරගම පදිංචි 22 හැවිරිදි විවාහක තරුණයෙකි.
මෙම සැකකාර තරුණයා හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 1170ක් අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයා ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී මෙලෙස අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට පත් තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදි ඔහු පොලීසියට පවසා ඇත්තේ තමන්ට වෙනත් රැකියාවක් නොමැති බවත්, හෙරොයින් විකිණීමට පුරුදු වූ බවත්, දැනට මාස 8ක සිට විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමයට හෙරොයින් මත් කුඩු ලබාගෙන වන්දනාවේ පැමිණෙන තරුණයින්ට විකුණන බවත්ය.
සැකකාර තරුණයා වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසියට බාර දී ඇති අතර ඔහු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd