(ඩි.ජී.සුගතපාල)
ඉමදුව හව්පේ ප්‍රදේශයේදි මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අත් අඩංගුවට ගන්නා ලද ඇත්දල හතර විවෘත අධිකරණයේදි කපා බැලු අවස්ථාවේ ඒවා කෘතිමව සාදන ලද ඇත් දළ බව අනාවරණය විමෙන් බන්ධනාගාරගත කර සිටි විත්තිකරුට එම ඇත්දල මුදාහැරිමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ගල් කටස් වර්ගයේ ගිනි අවියක් තබා ගැනිමේ චෝදනාවට රුපියල් පන් දහසක දඩයක් අද (23) නියම කළේය.
මෙසේ දඩ නියම වුයේ රණේපුර හේවගේ පේමසිරි නමැති පනස්අට හැවිරිදි විත්තිකරුවෙකුටය . ඔහු මාසයක පමණ කාලයක් රිමාන්ඩ් කර සිටියේය.
මෙම විත්තිකරු ඉමදුව හව්පෙ ප්‍රදේශයේ ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පවත්වා ගෙන යන බවට ලැබුන තොරතුරක් අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරි කණ්ඩායමක් විසින් එම ස්ථානය වටලා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ තවත් ගිනි අවි තුනක කොටස්ද විවිධ ප්‍රමාණයේ ඇත්දල හතරක්ද සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ඉමදුව පොලිසියට බාරදි තිබිණි.
ඒ අනුව ඉමදුව පොලිසිය විසින් එම නඩු භාණ්ඩද සමග පසුගිය ජූනි මාසයේ 25 වැනි දින විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇත්දල රජයේ රස පරික්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනිමට නියෝග කළේය.
මේ අතර විත්තිකරුගේ නිතිඥවරුන් අවස්ථා කිහිපයකදි අධිකරණයට කියා සිටියේ මෙම ඇත්දල කෘතිම ඒවා බවය.
ඒ අනුව මෙම ඇත්දල රජයේ රස පරික්ෂකට යැවිමට අවශ්‍ය වන්නේද නැතිනම් අධිකරණය විසින් පරික්ෂා කරන්නේද යන්න පිළිබඳව ඒවා අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ගෙන් සහ ඉමදුව පොලිසියෙන් විමසිමෙන් පසුව විවෘත අධිකරණයේදි එම නිලධාරින් ඉදිරිපිටදි ඇත්දල වලින් ලබා ගන්නා ලද කොටස් කිහිපයක් කපා පරික්ෂා කරන ලදී.
එහිදි අනාවරණයවුයේ ඒවා සත්ව කොටස් නොව ලී ඇතුලු වෙනත් අමු ද්‍රව්‍ය යොදා ගනිමින් සාදන ලද ව්‍යාජ ඇත්දල බවය.ඒ අනුව ඇත්දල විත්තිකරුට මුදා හැරිමටත් බලපත්‍ර නොමැති ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට රුපියල් පන් දහසක දඩයක් ගෙවිමටත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
2025 දෙසැම්බර් මස 04
115
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෘතිම ඇත් දළ ළඟ තබාගත් සැකකරුට ඇප