(ශාන්ත චන්ද්‍රසිරි)
ඉහළ කොත්මලා ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරරුක් අද (23) සොයා ගත්බව තලවකැලේ පොලිසිය පැවසීය.
වයස අවුරුදු 30 ත් 35 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරරුක් ජලාශයේ දුම්රිය පාලම අසල ප්‍රදේශයේ පාවෙමින් තිබියදී මෙසේ හමුවී ඇති බව පොලිසිය කීය.
දින කීපයක් මළ සිරුර ජලයේ තිබෙන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා සිදුකරනු ලැබූ ස්ථානීය පරීක්ෂණයෙන් පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා මළ සිරුර නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යාමට පොලිසිය පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd