IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කඩාවැටුණු ගසට යටවීමෙන් කාන්තාවකට බරපතල තුවාල


(වියලුව වාර්තාකරු නිශාන්ත කුමාර)


මහියංගණ ගලඋඩ ප්‍රධාන මාර්ගයේ කිරිවෙහෙර මාලියද්ද මංසන්ධිය ආසන්නයේ මාර්ගය අසල තිබූ වසර සිය ගණනක් පැරණි දඹ ගසකට ගිණි ඇවිලී  අද (07) මාර්ගය හරහා කඩා වැටී ඇති අතර ඒ අසල සිටි පොලිස් නිලධාරින්ගේ අණ නොතකා ගස යටින් ගමන් කරමින් සිටි කාන්තාවක් ගසට යටවීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කරඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.


 තුවාල ලැබූ කාන්තාවගේ  අතේ සිටි දරුවා හාස්කමකින් මෙන් දිවි ගලවාගෙන ඇතැයිද පොලීසිය පවසයි.
 සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය දික්කුඹුර මාලිගාතැන්න පදිංචි යු ජී දිලානි කෟෂල්‍යා (23) නැමැති කාන්තාවකි.


ගසට යටවීමෙන් ඇයගේ පාද දෙකටම බරපතල හාණි සිදුව ඇති අතර සිද්ධීය වූ අවස්ථාවේම ඇය කන්දකැටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.


මාර්ගය අසල වූ බෙනය දිරා ගිය මෙම රූස්ස දඹගසට ඊයේ (06) සවස කිසියම් පිරිසක් ගිණි තබා ඇති අතර ගස මාර්ගය හරහා වැටීමේ අවධානමක් ඇති බව සැලවීමත් සමගම කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් සිරිවර්ධන මහතා ඇතුලු නිලධාරිහු පිරිසක් ඊයේ  (06) රැය පහන් වන තුරුම එම ගින්න නිවා දැමිමට වෙහෙසෙමින් ගස අසල මාර්ගයේ යන එන්නන්ට ආරක්ෂාව සලසා ඇත.


එහෙත් අද (07) උදෑසන එම ස්ථානයට පැමිණි කාන්තාවක් පොලිස් නිලධාරින්ගේ අණ නොතකා ගස යටින් ගමන් කිරීමට යාමේදී එක් වරම ඇය අතේ වූ දරුවාද සමග  බිම ඇද වැටී ඇති අතර ඒ මොහොතේම ගිණි ගනිමින් තිබූ ගසද ඇයගේ ඇඟට කඩා වැටි තිබේ.



අදහස් (0)

කඩාවැටුණු ගසට යටවීමෙන් කාන්තාවකට බරපතල තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site