IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කඩියන්ලෙන පෙදෙසට වසර 20ක් කසළ එකතුවීමෙන් පරිසර ගැටලු

(රංජිත් රාජපක්ෂ)                       

නාවලපිටිය පස්බාග කෝරලය යටතේ පාලනය වන කඩියන්ලෙන නගරයට එකතුවන කසළ වසර 20ක් තිස්සේ මහවැලි ගඟට ජලය ගලා බසිනා කොරොක්කන් ඔයට ඉහළ ප්‍රදේශයට බැහැර කිරීම හේතුවෙන් පරිසර ගැටලු රැසක් මතු ව ඇති බව කඩියන්ලෙන ප්‍රදේශවාසීහු  චෝදනා කරති.
 
නිසි පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් කසළ බැහැර කරන බවද ඔවුහු කියති.
 
කසළ බැහැර කරන ස්ථානයට යාබදව ග්‍රාමසේවා කාර්යාලය, මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාලය, සංවර්ධන නිලධාරී කාර්යාලය සහ පෙර පාසලද පිහිටා ඇතිබවද, දැඩි දුගඳ හේතුවෙන් ජනතාවද පීඩාවට පත් ව ඇති බවද  ප්‍රදේශාවාසීහු කියති.
 
නාවලපිටිය පස්බාග කෝරලයේ සභාපති ඕ.ජි රෝහණ බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ කඩියන්ලෙන ප්‍රදේශයේ අක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් සොයා බලන බවයි.
 
කඩියන්ලෙන ප්‍රදේශයේ එකතු වන කසළ නිසි ක්‍රමවේදයකින් තොරව ප්‍රතිචක්‍රීකරණය සඳහා නාවලපිටිය ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩමක් හඳුනාගෙන ඇති බවත්, එම ඉඩම ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා කීය.
 
එම ඉඩම ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමෙන් අනතුරුව කඩියන්ලෙන ප්‍රදේශයේ කසළ බැහැර කිරීම නතර කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා කියා සිටියේය.



අදහස් (0)

කඩියන්ලෙන පෙදෙසට වසර 20ක් කසළ එකතුවීමෙන් පරිසර ගැටලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site