IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


කටාර් රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඅඩංගුවට

(මොහොමඩ් ආසික්)

කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 27 දෙනෙකුගෙන්  මුදල් වංචා කළ බව කියන  කාන්තාවක් අත්අඩංගුවට ගත් බව  කටුගස්තොට පොලසිය පවසයි.

ඇය  රැකියා ලබා දෙන බව පවසා රුපියල් 16,20,000 ක මුදලක්  වංචා කර ඇති අතර  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු අරඹා ඇතැයිද පොලිසීය සඳහන් කළේය.

කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව බවසමින් කටුගස්තොට, මාතලේ, තෙල්දෙණිය, උකුවෙල, යක්කල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින්  මෙන්ම කාන්තාවන්ද ඇතුළුව  පුද්ගලයින් 27 දෙනෙකුගෙන්  එක් අයෙකුගෙන් රුපියල්  60,000 ක් බැගින් මුදල් ලබා ගෙන  ඇති බව පොලීස් පරික්ෂණවලින් හෙළි වී  තිබේ.

මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට තවත්  පැමිණිලි ලැබෙමින් පවතින අතර  අත් අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද 12 වනදා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත සමරකෝන් මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර, සැරයන් වජිර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

කටාර් රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඅඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site