විනීතා එම් ගමගේ
කටාර් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටියදී අනතුරට ලක් වූ ශ්‍රමිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකර භාර දීම අද සිදු විය.
වේයන්ගොඩ, රුක්මලේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙනුවෙන් මෙම නව නිවස ඉදිකර දෙනු ලැබුවේ අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් අනුවය.
ඔහු කටාර් රාජ්‍යයේ මෝටර් කාර්මික රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෝටර් රථයක අළුත්වැඩියා කටයුතු සිදුකරන අතරතුරදී එම රථයේ තිරිංග බුරුල්වීම නිසා ඇතිවූ අනතුරක් හේතුවෙන් ඔහුගේ වම් පාදය අහිමි විය. ඔහුට මීට පෙර කාර්යාංශයේ රක්ෂණාවරණය යටතේ රු. 125000ක වන්දි මුදලක්ද ලබාදෙන ලදී.
COMMENTS
මේ නිවාස හදන්න සල්ලි ලැබුනේ කොහොමද කියලත් කිව්වනම් තමයි හොද. කකුලක් අහිමි උනොත් කටාර් රියල් 100,0000 (රු. 4,000,0000) කට වඩා හම්බ වෙනවා qatar labour insurance එකෙන්. 100% ඇත්ත. මන් හිටියා කටාර්.
කකුලක් නැති වුනාට වන්දිය bureau of foreign employment එකෙන් දෙන්නේ 125000ක් විතරද. මං හිතන්නනේ ඕක ගන්න යන්නම 50000ක් විතර වියදම් වෙන්න ඇති...