IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුට්ටිගල සුසානභූමියේ අනවසර පදිංචිකරුවන්ට බලපත්‍ර දුන්නැයි විරෝධතාවක්

(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
  
ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ චන්ද්‍රිකා වැව කොට්ඨාසයේ නිලධාරීන් විසින් කුට්ටිගල තෝරගල පොදු සුසාන භූමියේ  අනවසර පදිංචිකරුවන්ට බලපත‍්‍ර ලබාදී ඇතැයි ප්‍රදේශවාසීහු කුට්ටිගල සතිපොළ ප‍්‍රදේශයේදී අද (18) දින විරෝධතාවයක නිරත වූහ.
 
1958 වසරේ  සිට එම ගොවි ගම්මානවල තමන් පදිංචිව සිටින බවත්  නමුත් මේ දක්වා මහවැලි අධිකාරිය ඉඩම්වලට බලපත‍්‍ර ලබාදීමට කටයුතු කර නොමැතිබවත් විරෝධතාකරුවෝ පැවසූහ.
 
1965 වසරේ මැයි 21 දින රජය මැන අක්කර තුනක්  ලෙස වෙන් කරන ලද  මෙම සුසාන භූමිය 2018 වසරේ මහවැලි අධිකාරිය විසින් පෞද්ගලික මිණුම්කරුවන් ලවා මැන අනවසර පදිංචිකරුවන්ට  බලපත‍්‍ර ලබාදීමට කටයුතු කර ඇති බවට  ඔවුහු චෝදනා කර සිටියහ.
 
මෙම ක‍්‍රියාව හේතුවෙන් ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  හිගුර, කුට්ටිගල, මැටිහක්වල යන ග‍්‍රාමසේවා වසම් තුළ පිහිටි තෝරගල, බෝගල්ආරගම, ජයතිමාපියපුර, සූරියගම, තුනේඇළගම ඇතුළු ගම්මාන රැසක ජනතාව දැඩි අසීරුතාවයන්ට පත්වී ඇතැයි විරෝධතාකරුවෝ  පැවැසූහ.
 
තෝරගල ශක්ති ගොවි සංවිධානය මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.



අදහස් (0)

කුට්ටිගල සුසානභූමියේ අනවසර පදිංචිකරුවන්ට බලපත්‍ර දුන්නැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site