IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොටගල රෝහලේ වර්ජනයක්

(රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යයාලය යටතේ පාලනය වන කොටගල ප්‍රදේශිය රෝහලේ  හෙදියන් අද (25) උදැසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනියට එරෙහිව මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ. එම රෝහලේ සේවයෙන් නියුතු හෙදියකගේ ස්ථාන මාරුවිමක් සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් පදනම් කරගෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් වශයෙන් හෙදියන් විසින් මෙම වැඩ වර්ජනය අද ආරම්භ කර ඇත.

වැඩ වර්ජනය සිදු කළද හදිසි අවස්ථාවලදී පමණක් ප්‍රතිකාර  කිරිමට එම රෝහලේ සේවයෙ නියතු හෙදියන් 6 දෙනෙකු වෘත්තිය සමිති නියෝග මත තිරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මියගෙන් අප කළ විමසුමක සඳහන් කළේ ‘ වසර 5 කට වඩා තම රෝහලේ සේවය කළ හෙදියකට සෞඛ්‍ය අමාත්‍යයංශයෙන් ස්ථාන මාරු විමක් ලැබි ඇති බවයි.

එම ස්ථාන මාරු විමේ ලිපිය තමන් සතුව ඇති බවත් එම ලිපිය එම හෙදියට භාර නොදි ඇයව සේවා ස්ථානයෙන් මුදා හරින බවට කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් තම රෝහලේ සේවයෙන් නියුතු හෙදියන් විසින් එයට විරෝධය පා අද දින වැඩ වර්ජනයක් සිදු කරන බවට තම රෝහලේ කාර්යය භාර වෛද්‍යයවරයාට දැනුම් දි ඇති බවයි.

රෝහලේ දෛනික කටයුතුවලට බධාවක් සිදු නොවන අකාරයට රෝහලේ ප්‍රතිකාර කටයුතු  කරගෙන යන බවට දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි වැඩි දුරටත් පැවසුවාය.




අදහස් (0)

කොටගල රෝහලේ වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site