(එස්. ඩී. කොඩිකාර)
දෙනියාය නගරයේ ඖෂධ වෙළඳසැලකට ඇතුළු වූ පුද්ගලයකු අද (16) රුපියල් ලක්ෂ දෙකකට අධික කිරිපිටි සහ මාරු කාසි සොරා ගෙන ගොස් ඇතැයි දෙනියාය පොලීසිය කියයි.
වෙළඳසැලේ ඉදිරි දොරෙහි ඉබි යතුරු කඩා එම පුද්ගලයා ඇතුළුවී සොරකම් කරන ආකාරය එහි සවිකර තිබූ සී.සී.ටීවී කැමරාවේ පටිගත වී ඇතැයි පොලිසිය පවසයි.
වෙළඳසැලේ හිමිකරු වෙළඳසැල විවෘත කිරීමට පැමිණි අවස්ථාවෙහි ඉබි යතුරු කඩා තිබෙනු දැක සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇත.
මීට පෙරද මෙම ඖෂධ වෙළඳසැල අවස්ථා කිහිපයකදී සොරුන් විසින් බිඳ ඇති අතර එම සොරුන් දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඖෂධ වෙළඳසැලකින් ලක්ෂ දෙකක කිරිපිටි - මාරුකාසි කොල්ල කාලා