IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමැති කටුවපිටිය දේවස්ථානයේ සංචාරයක

(පුෂ්කුමාර මල්ලවආරච්චි)

දෙදින නිල සංචාරයක් සඳහා  ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ටේ‍්‍රලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (3)  පස්වරුවේ පාස්කු ඉරුදිනයේ ත්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය   නිරීක්ෂණයට ගියේය.
 
කටුවපිටිය දේවස්ථානය තුළ සිදු වූ බෝම්බ ප‍්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානු පුරවැසියන් වූ ලාංකිකයන්  දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වීම සැලකිල්ලට ගෙන පීටර් ඩට්න් මහතා  ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මෙම නිරීක්ෂණ චාරිකාවට එක්විය.
 
දේවස්ථානයට පැමිණි ඕස්ටේලියානු ඇමතිවරයා පිළිගනු ලැබුයේ ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ සමීර රොද්‍රිගු සහායක  පියතුමන් විසිනි.
 
සහායක පියතුමන් පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය හා ඉන් අනතුරුව ඇතිවූ සිදුවීම් මෙන්ම මේවනවිට සිදු කෙරෙන පිළිසකර කිරීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දෙනු ලැබීය. දේවස්ථානය තුළ මරාගෙන මැරෙන බෝම්බය පුපුරා ගිය ස්ථානයද කොන්ක්‍රීට් ආස්තරණය කැඩී ඇති අන්දම මෙහිදී ඇමතිවරයා නිරීක්ෂණය කරනු ලැබීය.

අනතුරුව අලුත්වැඩියා කෙරෙන දේවස්ථානයේ අල්තාරය ඉදිරියේ පිටර් ඩට්න් මහතා මල් කළඹක් තබා ශාන්ත සෙබස්තියන් මුනිදුන් වෙත තම ගෞරවය පුද කළේය. අනතුරුව අදහස් දැක්වූ ඇමතිවරයා වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පවත්වා සමීප සම්බන්ධතා සිහිපත් කරමින් එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් අන්දමින් පවත්වාගෙන යාමට තම රජය කටයුතු කරන් බව පැවසීය.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා සිදුවූ ජීවිත හානි ‍දේපල හානි මෙන්ම තුවාලලැබූවන් වෙනුවෙන් තම අගමැතිවරයාගේ හා රජයේද තම රටේ ජනතාවගේද සංවේගය පල කරනු ලැබීය.

දේවස්ථානයේ ප්‍රතිසංස්කරන කටයුතු සම්බන්ධයෙන් තම රජයේ සහාය ලබා දෙන බවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත නගා සිටුවීමට අවශ්‍ය සහාය ලබා ධීමටද ඖස්ටේලියානු රජය පියවර ගන්නා බවද ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය.
 
ශ්‍රී ලංකාවේ ඕස්ටේලියානු මහ කොමසාරිස් ඩේවිට් පොලි මහතා ඇතුලු නියොජිත පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


 



අදහස් (1)

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමැති කටුවපිටිය දේවස්ථානයේ සංචාරයක

sharm warn Tuesday, 04 June 2019 04:10 AM

මුදලින් වත් වෙන විදියකින් වත් ආපහු නිවැරදි කරන්න බැරි අපරාධයක් වුනේ සිංහල සහ දෙමල ක්‍රිස්තියානි ජනතාවට මිස ත්‍රස්තවාදින්ට උපරිම පහසුකම් සැපයු මුස්ලිම් ජනතාවට නොවේ කියලා මේ මහත්තයට වත් තේරුනා නම් ඇති .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 681 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site