(කේ බුද්ධික කුමාරසිරි)
රුපියල් ලක්ෂයක් පමණ වටිනා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ 20 හැවිරිදි තරුණයෙකු අතුරුගිරිය ඔරුවල ප‍්‍රදේශයේ දි අද (28) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ඔරුවල ප‍්‍රදේශයේ මත්කුඩු බෙදා හරින බවට අතුරුගිරිය පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ පරීක්ෂාවේදී මෙම මත් ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.
සැකකරු සතුව තිබී අයිස් නැමැති මත් ද්‍රව්‍ය අඩංගු පැකට් 33 ක්, ඩාන්සින් ටැබ්ලට් 05 ක් , හෙරොයින් මිලි ග‍්‍රෑම් 50 ක් සහ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd