IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඔරුතොට මංතීරුව කළුවර වෙයි

(තිලකරත්න දිසානායක)
ගම්පහ ඔරුතොට ඇවිදීමේ මංතීරුවෙහි සවිකොට තිබු විදුලි ලාම්පු කලෙක පටන් අක්‍රීයව පැවතීම හේතුවෙන් මංතීරුව සවස හතෙන් පසුව අදුරේ පැවතීම නිසා භාවිතා කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ශරීර සුවතාවය සඳහා මෙහි පැමිණෙන්නෝ පවසති.
මෙයට වසර හයකට පෙර 2011 වසරේදී මෙම ශරීර සුවතා මංතීරුව සකසන ලද මෙහි සුර්ය කෝශ යොදා විදුලි ලාම්පු සවිකොට තිබු අතර පසු කලෙක ඒවායෙහි බැටරි සොරා ගෙන යාම මත මංතීරුව මෙසේ අදුරේ පැවතීමට හේතු වී ඇත.
පසුගිය රජය සමයේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් මෙය සකස් කළද මේ වන විට මෙම මංතීරුව භාර ආයතනයක් නොමැති තත්වයකට පත්ව තිබීම මත නිසි නඩත්තුවක් පවා නොමැති අතර මෙය භාවිතා කරන්නන් විසින් " එකෝ ෆ්‍රෙන්ඩ්ලි ක්‍රීඩා සමාජය " නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් නඩත්තු කටයුතු කරගෙන යන තත්ත්වයකට පත්ව ඇත.
මෙම සංවිධානයේ සභාපති ලෙස සුජීව දීප්ත මහතා කටයුතු කරන අතර හෙතෙම පවසා සිටින්නේ මෙහි විදුලිය සදහා සුර්ය කෝශ යෙදීමේ ඵලක් නොවන බැවින් විදුලි සැපයුමක් මගින් විදුලි ලාම්පු යෙදිය යුතු බවය. මංතීරුව සදහා විදුලි සැපයුම රජයෙන් ලබා දෙන්නේ නම් මාසිකව විදුලි බිල තම ක්‍රීඩා සමාජයට ගෙවීමට හැකි බව සුජීව මහතා පවසයි.



අදහස් (3)

ඔරුතොට මංතීරුව කළුවර වෙයි

upali Tuesday, 27 June 2017 12:07 PM

මිනිස්සු රජය පත් කරලා විදින දුකක්..අපරාදේ මගේ ඡන්දෙ...

:       0       146

gamvesiya Tuesday, 27 June 2017 02:45 PM

මෙය ඉතාම කාලෝචිත දෙයක් ! ගම්පහට මෙය ඉතා වැදගත් ! ගිය ආණ්ඩුවෙන් හැදුව පලියට නඩත්තු නොකරන එක අපරාදයක් ! මෙහි හවස් කාලයේ සර්පයින් සිටිය හැක. ආලෝකය අත්‍යවශයි

:       0       42

imesh Friday, 14 July 2017 05:03 AM

පුදුම රටක්. වැඩ පටන් ගන්නවා විතරයි නඩත්තුවක් නැහැ. කෝටි ගණන් වියදම් කරලා වැඩ පටන්ගන්නවා. මාස හයක් යද්දී ඉවරයි ඔක්කොම.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site