(සිතුම් චතුරංග)
කිලිනොච්චිය සිට පුත්තලම දක්වා නීතිවිරෝධී ලෙස එළුවන් ප‍්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් සමඟ පුද්ගලයකු අද (15) වවුනියාව නොච්චිමොටෙයි ප‍්‍රදේශයේ දී වවුනියාව පොලිස් දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
වවුනියාව දුෂණ මර්දන අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ ක්ෂණික මාර්ග බාධක සෝදිසියක දී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමෙන් පසුව සැකකරු හා එළුවන් පැටවූ ලොරි රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාළු ප‍්‍රවාහනය කරන මුවාවෙන් ආවරණය කරන ලද ලොරි රථයක හිංසාකාරි අයුරින් ප‍්‍රවාහනය කළ ගැබිණි එළුවන් හා පැටවුන් ඇතුළු එළුවන් 61 දෙනෙකු පොලිසිය මුදාගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලිස් නිලධාරීන් වෙත ඔහු විසින් තමන් මුදාහරින ලෙස රුපියල් 2000 ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට උත්සහ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd