IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එළුවන්කුලමේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම එළි කළැයි තවත්3 ක් අත්අඩංගුවට

 

 
( එච් . චන්දන )
 
වනාතවිල්ළුව-එළුවන්කුලම  කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ  සිමෙන්ති  සංස්ථාවට අයත් ඉඩමක්  එළිකර  සම්බන්ධව මේ වන විට තවත් පුද්ගලයින් තිදෙනකු  අත් අඩංගුවට  ගත් බව වනාතවිල්ළුව පොලීසිය කියයි.
 
සිමෙන්ති සංස්ථාවේ  සභාපති නිතිඥ ගාමිණි  ඒකනායක මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම ඉඩමට අයුතු ඇතුල්වීම හා අනන්තයක් සිදු කිරීම වෙනුවෙන් පළමුව පුද්ගලයින් 05දෙනෙක්ද පසුව එක අයකුද  අද( 09)  පුද්ගලයින් 03දෙනකුද මෙලෙස අත් අඩංගුවට ගත් බවත් සිදු කරන විමර්ශණවලදී ඉදිරියේදී තවත් පුද්ගලයින් අත් අඩංගුවට ගන්නා බවයි වනාතවිල්ළුව පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක  එල්.පි.එන් පතිරත්න මහතා සදහන් කළේය.
 
මේ සමබන්ධව මුලින්ම  අත් අඩංගුවට ගත් 05 දෙනා ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර  අනෙක් තිදෙනා පුත්තලම අධිකරණයට  අද( 09)  ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
අක්කර 100 ආසන්න ප්‍රමාණයක් දැනට මාස ගණනාවක සිට මෙලෙස විශාල ගස් ගිනි තබා සම්පුර්ණයෙන්ම සුද්ද කර තිබේ.  මෙම  ඉඩම තුල තිබූ වසර ගණනාවක් පැරණි පළු , බුරුත, වීර වැනි වටිනා ගස් රැසක් දැනට විනාශකර දමා මෙම භූමිය සකසා ඇති බව දක්නට ලැබෙන අතර මෙ සාමාන්‍ය හේන් ගොවි තැනට සුදුසු පරිසරක් දැන් සකසා ඇති බව දක්නට ලැබේ.



අදහස් (0)

එළුවන්කුලමේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම එළි කළැයි තවත්3 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site