IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එසැණ කවුළුව

  • හැටන් - මහනුවර සිට හැටන් දක්වා ගමන් කළ ලංගම බසයක් හැටන් වුඩ්ලන්ඩ්හිදී  ත්‍රිරෝද රියක ගැටී ත්‍රිරෝද රථයේ රියදුරු  මරණයට පත් වු බව පොලීසිය කියයි. රියදුරු හා කොන්දොස්තර නාවලපිටිය රෝහලට ඇතුළු කරනු ලැබුහ. රංජිත් රාජපක්ෂDSC09386
  • බදුල්ල -  ‘එදා  දවල් මමයි තාත්තයි ගෙදර සිටියා. අයියා ආවා. මම මලක් අතේ තියාගෙන  හයියෙන් පිම්බා. ඒ මල අයියගේ ඇගේ වැදුණා. අයියට කේන්ති ගිහින් මට අතින් ගැහුවා. තාත්තා අයියට බැන්නා. අයියා පොල්ලක් අරන් අපිට ගහන්න ආවා. අපි දෙන්නා ලයිම පැත්තට දිව්වා. පස්සේ කවුද කිව්වා අයියා ගිනි තියාගෙන කියලා.‘ සිරුරට ගිනි තබාගැනීම නිසා මිය ගිය 19 හැවිරිදි තරුණයෙකුගේ මරණය පිළිබඳ බදුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහින්ද ගුණසේකර මහත බදුල්ල මහ රෝහලේදි පැවැති  හදිසි මරණ පරීක්ෂණයේදී  සාක්කිදුන්  පරමනාදන් රීටා මේරි (15) එසේ පැවසුවාය.පාලිත ආරියවංශ
  • නුවරඑළිය - තණමල්විල සිට වැලිමඩ ඩයරබා ප්‍රදේශයට ත්‍රිරෝද රියකින් ගංජා කිලෝ හතරහමාරක් රැගෙන ගියබව කියන  රියදුරෙක් මිපිළිමාන පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ෂෙල්ටන් හෙට්ටිආරච්චිA
  •  බදුල්ල - කොස්ලන්ද උණකන්ද, කරතොටපැලැස්සේ අක්කරයක පමණ වූ කංසා වගාවක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව  කොස්ලන්ද පොලීසිය කියයි.පාලිත ආරියවංශ
  •  පුත්තලම - පුත්තලම තබ්බෝව මධ්‍ය මහා විද්‍යාලයයේ  නිපුනි දර්ශිකා (18) සොයා ගැනීමට කරුවලගස් වැව පොලීසිය මහජන සහාය පතයි.මාර්තු පළමුවැනිදා පේද්ගලික පන්තියකට ගිය ඇය යළි නිවසට පැමිණියේ නැතිබව පියාගේ පැමිණිල්ලේ දැක්වේ. අඩි හතරයි අගල් අටක් උසැති  , සිහින්  හා තලඑලළු  දැරිය ගැන තොරතුරක් ඇත්නම් ළඟම පොලීසියට හෝ පියාට දැනුම් දෙන්න. 072-6576781 /  077- 4036455 එච් චන්දනkaru-news-pix-(3)
  •  සඳලංකාව -මාකදුර කර්මාන්තපුරයේ ප්ලාස්ටික් කම්හලක යන්ත්‍රයකට හසු වී සේවකටයකු මිය ගිය බව පොලීසිය කියයි.හේමලතා ඩී හේවගේ
  •  හාරිස්පත්තුව - පසු ගිය රජය සමයේ තැපැල් දෙපාර්තමේන්තුවට වෙන් කළ රුපියල් මිලියන 1500 ක මුදලක් අතුරුදහන් වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැතැයි තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් . එච්. ඒ .හලීම් මහතා  කියයි. එම මුදල් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවත් එම මුදල් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක්  ඉදිරිපත් කර ඇති බවත්  හලීම් මහතා පැවසීය.මොහොමඩ් ආසික්
  •  බදුල්ල - 15 හැවිරිදි දැරියක් ගැබිණියක් කළේ යැයි සැකපිට  තේවත්තක  ක්ෂේත්‍ර නිලධාරියෙක්(56)  අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලිසිය පවසයි- පාලිත ආරියවංශ
  • බදුල්ල - දින සීයයයේ වැඩසටහන යටතේ  බදුල්ල නගරයට ඇවිදින මං තීරුවක්  ලබා දීමට පියවරගෙන ඇතැයි  ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු මහතා කියයි.වියදම රුපියල් ලක්ෂ 110කි.පාලිත ආරියවංශ



අදහස් (0)

එසැණ කවුළුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 566 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site