ත්‍රිකුණාමලයේ එරක්කණ්ඩි වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.
නාවික හමුදාව සහ ත්‍රිකුණාමල පොලීසිය එක්ව එරක්කන්ඩි වෙරලේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී තිබේ.
පුපුරණ ද්‍රව්‍ය අතර විදුලි ඩෙටනේටර් 14 ක්, ජෙලට් කූරු 03 ක්, චාරජර් 04 ක් සහ අඩි එකහමාරක් දිගැති වෙඩි නූලක් මේ අතර තිබී ඇත.
පුපුරණ ද්‍රව්‍ය තොගය විඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමල පොලීසියට බාර දී ඇතැයි නාවික හමුදාව කියයි.
මේ අතර පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයේදී කළ මෙහෙයුමකින් පීඩන බෝම්බයක් තිබී සොයාගෙන ඇති අතර එය නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් ආරක්ෂිතව නිශ්ක්‍රීය කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිදියාව දොරේ ගලන නිසා එය සමරන්න ගෙනල්ලා.
ඔව් ඔය මහවිරු දින වලට වගේ විශේෂ දවස් වලට අහස ආලෝකමත් කරන්න ගෙනාපු ඒවා!