IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඌව කොස්ගම බසය යළිත්

ප්‍රින්ස් රත්නායක
 
බණ්ඩාරෙවළ ඩිපෝව මගින් ධාවනය කළ ඌව කොස්ගම බසය මාරක අනතුරකට ලක්ව  තිදෙනෙකු මියයාමත්  සමග මාස 3 කට ආසන්න කාලයක් ඌව කොස්ගමට බණ්ඩාරවෙල ඩිපෝවේ බසයක් ධාවනය නොකෙරුනි. 
 
ජනතාවෙග් අසීරුතාව  මාධ්‍යය මගින් පෙන්වාදීමත් සමග බස් රථයක් ලබාදීමට බණ්ඩාරෙවළ ඩිපෝව කටයුතු කර තිබේ. 28 වැනිදා සිට ඌව කොස්ගම දක්වා බසයක් ලබා දීමට පියවර ගත් බව බණ්ඩාරෙවල ඩිපෝවේ ප්‍රකාශකෙයක් කියා සිටියේය.  පාසල් නිවාඩු අවසන්වී නව පාසල් වාරය පටන් ගන්ට මත්තෙන් බස්රථය ලබාදීම සම්බන්ධව බණ්ඩාරෙවල ඩිපෝවට සහ තම අසීරුතාවය රටට පෙන්වාදුන් මාධ්‍යයට ඌවකොස්ගම ජනතාව කෘතවේදී බව පළකළෝය. ඌව කොස්ගම පදිංචිව සිටි රියදුරු එච්.එම් කීර්ති බණ්ඩාර  හපුතලේ උඩවිහාරගලදී කාර්මික දෝෂයකට ලක්වූ බසය ගල් කණ්ඩියක් මත වැද්දීමෙන් ප්‍රපාතයට යානොදී ජීවිත 28 ක් බේරාගනු ලැබූවේ තම ජීවිතය පරදුවට තබමිණි. එහිදි තවත් දෙදෙනෛක් ජීවිතක්ෂයට පතවූ අතර ඉකුත් ඔක්තොම්බර් 04 වැනිදා සිට ප්‍රදේශවාසීන් මාසතුනකට ආසන්න කාලයක් තම කටයුතු කරගැනීමට නොහැකිව දුෂ්කරතා රැසකට මුහුණ්බව පෙන්වා දුන්හ. මාධ්‍ය කළ හෙළිදරව්වෙන් පසු නැවතත් බසය ලබාදීමට  කටයුතු කළ සැමට ගම්වාසීහු තුති පුදකරති.



අදහස් (0)

ඌව කොස්ගම බසය යළිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site