(රොහාන් කුමාර)
මිතුරෙකු සමඟ ඌරන්ට ඇටවූ විදුලි රැහැනක තමාම පැටලීමෙන් විදුලිසැර වැදී පුද්ගලයකු අද (5) මිය ගොස් ඇතැයි පිංදෙනිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගලිගමුව නාදෙනිය පදිංචිව සිටි එම්.ඒ.උභයවංශ නැමැති 68 හැවිරිදි දෙදරු පියකි.
ගලිගමුව කොට්ඨාසයේ නාදෙනිය ගම්මානයේ කඹුරුයාය පාලුකරන ඌරන් ඇල්ලීමට තම මිතුරෙකු සමඟ විදුලි රැහැන් කුඹුරට ඇද උගුලක් අටවා ඇති බවත් පසුදින ඌරන් හසුවී ඇද්දැයි බැලීමට යාමේ දී මොහු විදුලි රැහැනේ පැටලී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් පර්යේෂණය සිදු කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පිංදෙනිය පොලිසිය පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd