(රොහාන් සී.ප්‍රේමතිලක)
ලඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ උස්සාපිට ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ රුපියල් මිලියන 63.950ක වියදමින් ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් අද (24) සිසු අයිතියට පත්කරන ලදී.
මෙම අවස්ථාවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් , අරණායක ආසන සංවිධායක ලලිත් දිසානායක යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලංකාවේ හැම දෙයක්ම විවෘත කරන්න දේශපාලකයෙක් ගාව ගන්නේ.....
ගොඩනැගිලි සිසු අයිතියට පැවරුවාට ඒ ගොඩනැගිල්ලේ පැවැත්වෙන වීෂයට අදාල අංශ ප්‍රධාන ගුරුතුමා එය ඉක්මනින්ම අයිතිකර ගන්නවා.ඉන් පස්සේ අලුතින් සිසුන් ගන්න වෙලාවට එයම හෝ කොටස් වශයෙන් විකුණලා මුදල් ගන්නවා
කෝ බලන්න අපේ කාලකන්නි නම්ගම් ටික " හරියටම " කොටල තියෙනවද බිත්තියේ කියලා.....???? ෂා..... මේ තියෙන්නේ යසඅගේට ලියලා...." අහිංසක ජනතාවගේ බදු මුදල් සතයක්වත් වියදම් නොකර මාගේ පුද්ගලික මුදල් වලින් සාදා " ජනතාවට පිරිනමන ලදී......අම්මපා මේ උන්දලා 225 ම කොච්චර පිං කරගන්නවද හැබෑවටම..... නොදකින් නම ලියාගන්න බෝඩ් එකටත් අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති කරන හැටි....ඉතින් මේ කරනා පාප කාර්ම වලට මෙලොවදීම අනේකවිද ලෙඩදුක් විදලයි මුන් 225 ම මැරෙන්නේ.....
මේවා මෙහෙම උනාට දෙමව්පියන්ගෙන් ඩෙස් පුටු වලට සල්ලිත් අරන් තියෙද්දී මේ ඉස්කොලේ 1 වසරේ ළමයි ඉගෙන ගන්නේ බිම ඉදන්..