IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘උතුරු මැද පළාතේ ගුරුවරුන්ට වැටුප් වැඩි වී නැහැ’

(දයාරත්න ඇඹෝගම)
 
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන ගැටලු හේතුවෙන් ජනවාරි මාසයේ සිට හිමිවීමට තිබූ වැටුප් වැඩිවීම් උතුරු මැද පළාතේ සමස්ත විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට මේ වනතෙක් ලැබී නැතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් අද(20) අනුරාධපුර නගරයේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
 
“2016/3 චක්‍රලේඛයට අදාළ වැටුප් පරිමාණයන් සහ හිඟ වැටුප් උතුරු මැද පළාතේ විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට මෙතෙක් ගෙවා නැහැ.මෙම වැටුප් වැඩිවීම ඉතාම සුළු පිරිසකට ගෙවා තිබුණත් ඔවුන්ටත් හිඟ වැටුප් මෙතෙක් ගෙවා නැහැ. විදුහල්පතිවරු හා ගුරුවරු ඔවුන්ගේ වැටුප් වර්ධක ලේඛන කලාප කාර්යාලවලට මෙතෙක් භාර නොදීම මෙම තත්වයට හේතුවී ඇතැයි එම නිලධාරීන් චෝදනා කරනවා.
 
2016/3 චක්‍රලේඛයට අනුව අදාල වැටුප් තලවල පිහිටුවීම සදහා විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් වර්ධක ලේඛන භාර දීම හා නොදීම අදාළ න්නේ නැහැ. තම නොහැකියාව වසා ගැනීම සදහා අධ්‍යාපන බලධාරීන් සිය වගකීම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පිටපටවා තම වගකීමෙන් ගැලවීමට කටයුතු කරමින් සිටිනවා. 
 
2016/3 චක්‍රලේඛනයේ  සඳහන් වැටුප් පරිමානයන්ට අදාලව පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 5000 - 6000 අතරත් දෙවන ශ්‍රේණියේ අයෙකුට රුපියල් 4000 - 5000ත් අතර වැටුප් වැඩිවීමක් සිදුවිය යුතුයි.
 
එහෙත් එම වැටුප් පරිමාණයන් තවමත් ගුරුවරුන්ට ලැබිලා නැහැ. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් පවතින දුර්වලතා හේතුවෙන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැඩි පීඩනයකට පත්ව සිටිනවා. ”
 

මේ පිළිබඳව තමන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා සමග වාචිකවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා හා භාණ්ඩාගාර ලේකම් සමග ලිඛිතවත් කරුණු දැක්වූ බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසීය.
 
හිඟ වැටුප් ගෙවීම් සදහා මුල්‍ය අර්බුදයක් නොමැති බවට පළාත් භාණ්ඩාගාර ලේකම් ප්‍රකාශ කලද භාණ්ඩාගාරය වෙත තොරතුරු සම්පාදනයේ දී සිදුව ඇති අඩුපාඩු හා අධ්‍යාපන කාර්යාලවල පවතින නිද්‍රාශීලී ස්භාවයන් හේතුවෙන්  මේ සියලු ගැටලු මතුව ඇති බවත් විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට සිදුව ඇති අසාධාරණයට කඩිනම් විසදුමක් ලබා දීමට අධ්‍යාපන බලධාරීන් පියවර නොගන්නේ නම් සංගමයක් වශයෙන් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙහිදි පැවසීය.
 
මේ සම්බන්ධයෙන් අනුරාධපුර අධ්‍යාපන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර්.බණ්ඩාර මහතාගෙන් කළ විමසුමේදි හෙතෙම මෙසේ පැවසුවේය.
 
“සුදුසුකම් සපුරා ඇති සියලු විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් පරිවර්තන සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ලබන මාසය වනවිට සියල්ල විසඳනවා. හිඟ වැටුප් ගෙවීමට මුදල් ඉල්ලා සිටියත් මෙතෙක් මුදල් ලැබී නැහැ” යැයි කලාප අධ්‍යක්ෂකවරයා පැවසීය.



අදහස් (0)

‘උතුරු මැද පළාතේ ගුරුවරුන්ට වැටුප් වැඩි වී නැහැ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 15 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site