IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


උතුරුමැද ගුරු-විදුහල්පතිවරු 13 වැනි දා අසනීප නිවාඩු

(දයාරත්න ඇඹෝගම)
 
 උතුරුමැද පළාතේ   පාසල්  810 ගුරුවරුන් 15,900 හා විදුහල්පතිවරු  1017 ක් 13 වැනි දින අසනීප නිවාඩු වාර්තා කර සේවය වර්ජනය කිරිමට තීරණය කර ඇතැයි ගුරු සංගම් පවසයි.
 
හෙට (13) දිවයින පුරා පාසල්වල  ගුරු හා විදුහල්පතිවරු අසනීප නිවාඩු ලබා සේවයට වාර්තා නොකිරිමට ගුරු සංගම් ගෙන ඇති  තීරණය  සාර්ථක කර ගැනීම සඳහා  උතුරු මැද පළාතම සුදානමින් සිටින බව ලංකා ගුරු සංගමයේ සභාපති  ප්‍රියන්ත  ප්‍රනාන්දු මහතා  පැවසීය. 
 
මෙම ලෙඩ නිවාඩු  දමා  සේවයට වාර්තා  නොකිරීම පිළිබඳව  මාධ්‍ය  දැනුවත් කිරිම  සඳහා අද (11) අනුරාධපුර දී පැවති  මාධ්‍ය  හමුවකදී අදහස්  දැක්වූ  සභාපතිවරයා 
මෙසේ ද  පැවසීය.
 
මේ වන විට ගුරුවරුන් හා විදුහල්පතිවරු  මුහුණ දී ඇති  ගැටලු  සම්බන්ධයෙන්  කරන ලද ඉල්ලීම් වලට  රජය  දිගින් දිගටම  අනුගමනය කරන  නිහඬ ප්‍රතිපත්තියට එරෙහිව  මෙම විරෝධය දක්වා තිබේ.
 
අද වන  විට මුළු  අධ්‍යාපන  ක්ෂෙත්‍රයේ  බරපතළ  ලෙස  කඩා  වැටී තිබෙනවා.මේ තත්වය තුළ ගුරුවරුන්ගේ සේවයේ  ගුණාත්මක භාවය  බිඳ වැටෙමින්  තිබෙනවා. මේ නිසා  දරුවන්ගේ අධ්‍යාපනයට  මේ මගින්  අහිතකර  බලපැම් ඇති වී තිබෙනවා. ගුරු සංගම් විසින්  දිගින් දිගටම  මෙම  ගැටලු  විසදන ලෙස  රජයට  දැනුම්  දුන්නා.ඒත්  විසදුම්  නැහැ. 
 
මේ සඳහා  රජය  කඩිනම්  විසඳුම්  ලබාදීමට  පියවර  නොගතහොත්  මීට වඩා  බරපතල  අරගලයක්  කිරිමට  ගුරු සංගම්  තීරණය කර ඇතැයි ද සභාපතිවරයා  වැඩිදුරටත් පැවසීය. 
 
ලංකා ගුරු සංගමය , ලංකා සේවා ගුරු සංගමය, සමස්ත ලංකා  විදුහල්පතිවරුන්ගේ සංගමය, අධ්‍යාපන සෙවකයන්ගේ සංගමය  ඇතුළු  සංගම්  රැසක්   මේ සඳහා  එක්ව  සිටිති.



අදහස් (0)

උතුරුමැද ගුරු-විදුහල්පතිවරු 13 වැනි දා අසනීප නිවාඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site