(නිශාන්ත කුමාර)
උණු වතුර බඳුනක් සිරුරේ හැලීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු එකහමාරක දරුවෙකු අද (15) රාත්‍රී මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ මීගහකිවුල තල්දෙන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එකහමාරක දරුවෙකි.
දරුවාගේ මව වතුර උණු කරමින් සිටියදී දරුවා එම බඳුන අතින් ඇදීමට යාමේදී දරුවාගේ සිරුරේ හැලීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් දරුවාගේ සිරුරේ ස්ථාන කිහිපයක දැඩි පිළිස්සුම් තුවාල සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd