(මහේෂ් කිර්තිරත්න)
මහජන මතය කොල්ල කා සභාව පිහිටුවා ඇති බවට උකුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් මන්ත්‍රී (ශ්‍රීලංපොපෙ) සමන්ත ධර්මසේන මහතා සිදුකළ ප්‍රකාශයට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර සභාව දැඩි උණූසුම් තත්වයක් අද (9) උකුවෙල ප්‍රාදේශීය සභා රැස්විමේ දී ඇති විය.
උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති (එ.ජ.නි.ස) චේතිය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම උණුසුම් තත්වය ඇති විය.
සභාවේ අසුන් පැනවිම පිළිබදව මන්ත්‍රිනි නාලිනි හෙට්ටිආරච්චි මහත්මිය විසින් සභාවට යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම උණුසුම්කාරි තත්වය හැට ගැණිනි.
මෙහිදි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු සභාපතිවරයා ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස බල කරමින් කෑ කෝ ගැසීම නිසා සභාව නොසුන්තාවයට පත්විය.
මන්ත්‍රීවරිය සඳහන් කළේ සභා රිති අනුව සභාවේ අසුන් පැනවිය යුතු බවට තමන් සහභාගී වූ පුහුණු වැඩසටහනක දී මෙම කරුණු පිළිබඳව දැනුවත් වූ බවත් ඒ පිළිබඳව සභාවේ අවධානය යොමු විය යුතු බවද පැවසීය.
සභාපති චේතිය දිසානායක මහතා හිටපු සභාපතිවරයාට විරුද්ධව තමන් මෙතෙක් කිසිදු දෙයක් සිදු නොකළ බවත් සුහදව කටයුතු කරන නිසා මේ ප්‍රකාශය පිළිබඳව කණගාටුවට පත් වන බවයි.
පසුව හිටපු සභාපති සමන්ත ධර්මසේන මහතා සභාව අවසාන තෙක් රැදී නොසිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උකුවෙළ ප්‍රා.සභාව උණුසුම් වෙයි