( එච්. චන්දන )
ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාධිතයින් 05 දෙනෙකු අද(09) වැනිදා පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇත.
ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුට පිටත්ව ගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 04 දෙනෙකු සහ මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුය.
ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි 07 දෙනෙකු මීට පෙර පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබුණි.
ඒ කොළඹ 02 , ජා ඇල, ඇහැලියගොඩ, දියතලාව, යාපනය සහ වව්නියාවේ පදිංචි එක් අයෙකු බැගිනි.
ඒ අනුව මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටි ආසාධිතයින් අතරින් 12 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇත.ඔවුන් පූර්ණ සුවය ලබා පිටත්ව ගියත් තම නිවසේදී ස්වයං නීරෝධානය විය යුතු බව සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි.
මේ වන විට තවත් කොරෝනා ආසාධිතයින් 12 දෙනෙකු ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd