IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉරණවිල දරුවාගේ ඝාතකයා යළි රිමාන්ඩ්

ජුඩ් සමන්ත


බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කළ හලාවත - ඉරණවිල, සමිදුගම අක්කර 40 පදිංචිව සිටි ජේ.පී.සුසිත් නිර්මාල් (අවු:10) නම්වූ පාසල් සිසුවා ඝාතනයට සම්බන්ධ  බව කියන සැකකරුවන් මාර්තු 22 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට හලාවත දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා  අද (8)  නියෝග කළේය.

සැකකරු එදිනට  හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද  මහෙස්ත්‍රාත්වරයා  නියෝග කළේය. හලාවත - වැල්ල පදිංචිකරුවෙකු බව කියන ජුඩ් ලෝරන්ස් ෆෝන්සේකා (52) මෙලෙස රිමාන්ඩ් කැරිණි.

පසුගිය පෙබරවාරි මස 25 වැනිදා සුසිත් නිර්මාල් දරුවා අතුරුදන් වී තිබුණු  දින දෙකකට පසු බරපතල ලෙස අපයෝජනයට ලක්කර  ඝාතනය කර තිබු  දරුවාගේ සිරුර 27 වැනි දා පෙරවරුවේ  ඉරණවිල - සමිදුගමට  ආසන්න‍යෙන් ඇති කැලෑවක තිබී හමුවිය.

අතුරුදන්වී සිටි සැකකරු පසුගිය 3 වැනිදා රාත්‍රී මුලතිව් ධීවර වාඩියක සැගවී සිටියදී නාවික හමුදා බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන මුලතිව් පොලීසිය වෙත බාර දී තිබුණි.

සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයකු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර  අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ හිලරි නීතීඥ පියුමි අයන්තා මෙනවිය පෙනී සිටියාය.



අදහස් (0)

ඉරණවිල දරුවාගේ ඝාතකයා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site