
(රොමේෂ් මධුෂංඛ)
යාපනය මාදගල් මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේ මසුන් අල්ලමින් සිටි යාපනයේ ධීවරයින්ගේ දැල් ආම්පන්න සියල්ලක්ම ඉන්දීය ධීවරයින් විසින් විනාශ කොට පලා ගිය බව එම ධීවරයෝ පවසති.
මාදගල් මුහුදු තීරයේ මුහුදු සැතපුම් 10 ක් පමණ වූ මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අනවසරයෙන් උතුරු මුහුදට ධීවර යාත්‍රාවලින් ඇතුලු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් මාදගල්හි ධීවරයින්ගේ දැල් ඉරා විනාශ කොට පලා ගොස් ඇත.
මේ හේතුව නිසාවෙන් ධීවරයින් 23 දෙනෙකුට සිය දැල් ආම්පන්න අහිමි වී ඇති බවටත් ඔවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව ඇති බවටද ධීවරයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd