සුජිත් හේවාජුලිගේ
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝප්) ඇතුළු පාර්ලිමේන්තුවේ විශේෂ කමිටු රැස්වීම් ඉදිරියේදී ජනමාධ්‍යවේදීන්ටද විවෘත කෙරේ.
මීට අමතරව පාර්ලිමේන්තු කමිටුවල තොරතුරු ජනතාවට හා ජනමාධ්‍යවලට නිකුත් කිරීම සඳහා වෙනම තොරතුරු නිලධාරීයෙකු පත් කිරීමටද කටයුතු කෙරෙනු ඇත.
මේ වෙනුවෙන් අවශ්‍ය නීති ප්‍රතිපාදන සැලසීම සඳහා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත් කෙටුම්පත ළඟදීම සංශෝධනය කෙරෙන බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් ‘‘ලංකාදීප‘‘යට පැවැසීය.
පනත් කෙටුම්පත සැකසීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ඇතැයිද ඒ නිලධාරියා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd