(ඔගස්ටින් ප්‍රනාන්දු)
ව්‍යාජ විවාහ සහතික සකස් කර දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයින් ඉතාලියට ගෙන යන බවට කියා මුදල් ලබා ගෙන කට්ටි පැන සිටි 35 වන වියේ විවාහක කාන්තාවක් අද (31) කටුනේරිය ප්‍රදේශයේ ලැගුම් වලක ලැගුම් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය කියයි.
මෙම කාන්තව දංකොටුව මාවතගම ප්‍රදේශයේ පදිංචිකාරයකි.ඇය විසින් පසුගිය කාලයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන් විවාහ කර ගෙන ඉතාලියට ගෙන ගොස් හරින බවට කියා ඇය හා විවාහ වූ බවට ව්‍යාජ විවාහ සහතික සකස් කර තරුණයන් රවටා රුපියල් ලක්ෂ පහක සිට දාහත දක්වා ප්‍රමාණයෙන් මුදල් ලබා ගෙන ඇති අතර මේ වන විට ඇය තරුණයන් අට දෙනෙකු රවටා මුදල් ලබා ගෙන ඇති බවට පැමිණිළි කළ බවත් කියයි.
ඇයට මුදල් දුන් තරුණයන් ඉතාලියාමේ සිහිනයෙහි සිටියත් පසුව ඇය සොයා ගත නොහැකි වූ නිසා පොලිසියට පැමිණිලි කළ බවත් මේ අතර ඇය කටුනේරියේ ලැගුම් හලක නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරක් මත් ඇය අද (31) අත්අඩංගුවට ගත් බව කියයි.
ඒ වන විටත් ඇය සතු ව්‍යාජ උප්පැන්න විවාහ සහතික මෙන්ම ජාතික හැදුනුම් පත් ද තිබූ බවත් කියයි.
මෙම කල්ලියට අයත්ව සිටි පිරිමින් සිව් දෙනෙකු හා කාන්තාවක් පසුගිය ඔක්තෝබර් මස 17 වන දින හලාවත නගරයේ නිතිඥ කාර්යාලයක් තුළ සිටිය දි අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත් කියයි.
2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉතාලි යවන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට