(චන්දන ප‍්‍රනාන්දු)
ඉතාලියේ ලෙක්කෝ පළාතේ වැවක දිය නාමින් සිටි ලාංකික දෙදරු පියෙක් ගිලි මියගොස් ඇති බව ඉතාලි ආරංචි මාර්ග පවසයි .
මෙලෙස මියගොස් ඇත්තේ මිලාන් නුවර සන් ජුලියානෝ ප‍්‍රදේශයේ තම පවුලත් සමඟ ජිවත් වෙමින් රැකියාව කළ ආසිරි නැනොබි නැමති 35 හැවිරිදි අයෙකි .
තම පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන් පිරිසක් සමඟ ඊයේ (15) ඉතාලියේ පෙර් අගෝස්තු නැමති නිවාඩු දිනය ගතකිරිමට ඔන්නො නැමති වෑවේ දිය නෑමට ගොස් සිටියදී මෙම අවසානාවන්ත සිදුවීම වි ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.
වැවේ ජල පහරට හසුව ගසාගෙන යමින් තිබු පිහිණුම් උපකරණයක් රැගෙන ඒමට පිහිනා යමින් සිටියදි ඇති වු රෝගි තත්වයක් පැන නැගීම හේතුවෙන් මෙම පුද්ගලයා දියේ ගිලි මෙලෙස මියගොස් තිබේ.
මෙම සිදුවීමත් සමඟ ලෙක්කෝ නාගරික හදිසි අනතුරුවලින් ගලවා ගැනිමේ කණ්ඩායම් හා කිමිදුම් කණ්ඩායම එම ස්ථානයට පැමිණි දියේ ගිලුණු ලාංකිකයාගේ සිරුර සොයා මෙහෙයුම් සිදුකර ඇති අතර රාත‍්‍රි 8 ට පමණ මළ සිරුර සොයාගත් බව එරට ආරංචිමාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd