(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව මානවේරිය රක්ෂිත වනයේ ඉත්තෑවෙකු මරා මස්කළ පුද්ගලයින් දෙදෙනෙකුට හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක මහතා විසින් එක් අයෙකුට රුපියල් 60,000 බැගින් 120,000කදඩමුදලක් ගෙවීමට නියෝග කරන ලදී.
ඉත්තෑවෙකු මරා මස්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට පත්ව සිටියේ එම ප්‍රදේශයේම පදිංචි කරුවන් දෙදෙනෙකි.
ආරච්චිකට්ටුව පොලීසිය ලද තොරතුරකට අනුව එම රක්ෂිත වනයේ කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඉත්තෑමස් සමග පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඉත්තෑමස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 1500 සිට ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd