හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රමිතිය නංවාලීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කරන බව බ්‍රිතාන්‍ය කවුන්සිලය නිවේදනය කරයි.
උසස් අධ්‍යාපනය සහ පෞද්ගලික අංශයේ රැකියාවලදී වැඩි වශයෙන්ම භාවිත වන මාධ්‍යය වන ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීම සඳහා සිසු සිසුවියන්ට ඇති අවස්ථා පුළුල් කරමින්, එම අධ්‍යාපනයේ තත්ත්වය වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය යැයි ද බ්‍රිතාන්‍ය කවුන්සිලය සඳහන් කරයි.
ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා ගුරු අධ්‍යාපන ව්‍යාපෘතිය ( The Teacher Education for English Project (TEE) ) යනුවෙන් මෙම ව්‍යාපෘතිය නම් කර තිබේ. ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සහ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය කවුන්සිලය දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය (Teacher Education in Sri Lanka ) සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියත්මක වන බ්‍රිතාන්‍ය කවුන්සිලය පවසයි.
ව්‍යාපෘතියේ ප්‍රථම අදියරේදී මහනුවර, කළුතර සහ යාපනය ප්‍රදේශවල පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වල පුහුණුව ලබන ගුරුවරුන් 1,000 කට ආසන්න පිරිසකට පුහුණුව ලබාදීමට නියමිත ය.
මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුහුණුකරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය ජනවාරි මාසයේදී දිවයිනට පැමිණ තිබෙන අතර කොළඹදී ව්‍යාපෘතිය පිළිබඳව මූලික කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 4 ක් වෙත යොමුකරවන ලද බවත් පෙබරවාරි මස දෙවැනි සතියේදී ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වූ බවත් බ්‍රිතාන්‍ය කවුන්සිලය සඳහන් කරයි.
ඉහත විද්‍යාපීඨ වල සාමාන්‍ය විෂය මාලාවලට අමතරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එම පුහුණුකරුවන් කටයුතු කරන බව ද බ්‍රිතාන්‍ය කවුන්සිලය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 21
174
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉංග්‍රීසි ගුරුවරුන්ගේ කුසලතා වර්ධනයට බ්‍රිතාන්‍යයෙන් විශේෂ ව්‍යාපෘතියක්