(එච්.එම්.ධර්මපාල )
දෙහිවල, නැදිමාල, සුමුදු රාජපක්ෂ මාවත අසළින් ගලා යන ඇළ මාර්ගයක තිබී මාස 6 හෝ 7 ක් පමණ වන බිළිඳු කළලයක් අද හමු වී තිබේ.
නගරසභා කම්කරුවන් පිරිසක් එහි පිරිසිදු කරන අතර මෙම කළලය තිබෙනු දැක පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව එම ස්ථානයට පැමිණි ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් ක්‍රිෂාන්ත ධර්මතිලක මහතා ස්ථානීය පරීක්ෂණය කළ අතර කළලය කොළඹ ශික්ෂණ රෝහලට යවා මරණ පරීක්ෂණය සිදුකර වාර්තාව ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd