(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක වේරගල නිවසකට ඇතුළු වූ පුද්ගලයකු නිවසේ සිටි කාන්තාවකට අද(23) ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.
බරපතල තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
එම කාන්තාවගේ දියණිය සමඟ සැකකරු කාලයක පටන් සබඳතාවක් පවත්වා ඇති අතර කාන්තාව ඊට අකමැත්ත පළ කර තිබීම හේතුවෙන් උරණවී ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
සැකකරු පාදුක්ක බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.
පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd