(ඩී.කේ.රත්න)
ඇල්ල රාවණාඇල්ල අභයභූමියට ඉහලින් පිහිටි ඇල්ල රොක් රක්ෂිතයේ අද (30) හවස ඇතිවූ හදිසි ගින්නකින් මේ වන විට එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
දේශීය විදේශීය සංචාරකයින් මෙම ඇල්ල රොක් ප‍්‍රදේශයේ බහුලව සංචාරයේ යෙදෙන අතර මෙම ගින්න නිසා දැඩි අවදානම් තත්වයක්ද මතු වී තිබේ.
ඇල්ල පොලීසිය , දියතලාව යුද හමුදා කඳවුරේ නිළධාරීන් හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට උත්සහ කළද ප‍්‍රදේශයට පවතින දැඩි විලළි කාලගුණික තත්වය හා දැඩි සුළං තත්වය හේතුවෙන් ද මෙම ගින්න ප‍්‍රදේශයේ දැඩි බෑවුම් ප‍්‍රදේශයක පැවතීම හේතුවෙන් ද ගින්න නිවා දැමීමට අපහසුවී තිබෙන අතර මේ වන විටත් ගින්න පැතීරී යමින් ඇතැයි පොලීසිය කියයි.
කිසියම් පුද්ගලයකු විසින් වන සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සදහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd