IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇල්පිටිය ප්‍රා. සභා සභිකයන්ගේ නම් තවම ගැසට් කර නැහැ

(ඩී.ජී.සුගතපාල)
 
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛනය මේ වනතුරු ගැසට් කිරීමට නොහැකිවී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
 
සමානුපාතික නියෝජනය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තෝරාපත් කරනු ලබන සභිකයින්ගේ නාම ලේඛනය මෙතෙක් එවා නොමැති බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
 
සභිකයින් 15කුගෙන් සමන්විතවූ  ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නව මැතිවරණ ක්‍රමය යටතේ ඉකුත් 11වන දින පවත්වන ලද මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් පොදුජන පෙරමුණට සභික ධුර 17ක් හිමිවිය. සමානුපාතික නියෝජනය යටතේ එක්සත් ජාතික පක්ෂයට සභිකධුර 7ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 3ක්ද ජනතා විමුක්ති පෙරමුණට සභික ධුර 2ක් හිමිවිය.ඒ අනුව සම්පූර්ණ සභික සංඛ්‍යාව 29කි.
 
සමානුපාතික නියෝජනය යටතේ තෝරා පත් කරනු ලබන සභිකයින්ගේ නම් ඒ ඒ පක්ෂවලින් නම්කර එවිය යුතු වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් එම පක්ෂයෙන් නම් කරනු ලබන සභිකයින්ගේ නම් මෙතෙක් දන්වා එවා නොතිබීම හේතුවෙන් ගැසට් පත්‍රයට යැවීම ප්‍රමාදවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

ඇල්පිටිය ප්‍රා. සභා සභිකයන්ගේ නම් තවම ගැසට් කර නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site