(ඩී.ජී.සුගතපාල)
ගාල්ල චීන කොරටුව මැද පාරේ පිහිටුවන ලද දකුණු පළාත් තක්සේරු කාර්යාලය මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (30) සවස විවෘත කිරීමට සැළසුම්කර තිබුණත් එයට පෙර තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ එය විවෘතකර ඒ පිළිබඳව මැතිවරණ පැමිණිලි මෙහෙයුම් මධ්‍යස්ථානයටද පැමිණිලි කිරීම නිසා උත්සවයට පැමිණි පිරිස දැඩි අපහසුතාවයකට පත්වූහ.
එම ස්ථානයේ ජනාධිපතිවරයාගේ , මංගල සමරවිර ,වජිර අබේවර්ධන , ගයන්ත කරුණාතිලක සහ විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහ මේ සඳහා අනුග්‍රහය දක්වන ලද මුහුදු බඩ දුම්රිය මර්ග සමිතියේ සභාපති ගුණපාල විතාරණ මහතාගේද ඡායාරූප සහිත බැනරයක් එල්ලා තිබුණි.
එසේ බැනරයක් එල්ලීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව පවසා ගාල්ල පොලිසියේ මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට තක්සේරු නිලධාරින් පිරිසක් පැමිණිල්ලක් කළහ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කාර්යාලයේ නිලධාරින් සමඟ පැමිණි පොලිසිය එම බැනරය ගලවාගෙන ගිය අතර එය නඩු භාණ්ඩයක් ලෙස තබා ගන්නා බව ද පැවසීය.
මේ අතර විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයට පැමිණෙන විට ප්‍රධාන තක්සේරුකරු පැමිණ එය විවෘත කර ඇති බවත් එහි එල්ලා තිබූ බැනරයද පොලිසිය විසින් ගලවාගෙන ගොස් තිබූ බවත් දැන ගැනීමෙන් පසු ආපසු ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම විය යුත්තේ එය තමයි. අප අගය කරනවා මේ වගේ නියම නිළධාරින් පිරිසක් අපේ මව්බිමේ සිටීම පිළිබදව. මහජන බදු මුදල් වලින් ගොඩනගන මහජන දේපොළ විවෘත කිරීමට එක එක දේශපාලුවන් මොකටද? මොකද මේ එකකටවත් ඔය කියන නිවට දේශපාලුවන්ගේ පුද්ගලික මුදල් වියදම් කර නැති නිසා. අප මෙයද ප්‍රසිද්ධියේ කීමට කැමැත්තෙමු. හැලිවදුරන් 225 ම විවෘත කිරීම් වලට පැනගෙන එන්නේ ඒ අයගේ නම්ගම් ලියා ගැනීමට පමණි. නැවත වරක් අප සුබ පතනවා මෙවන් කොන්ද පන තිබෙන නිලධාරීන් පිරිසක් මේ කරන ලද ක්‍රියාව පිළිබදව.
මැතිවරණ කාලේ විතරක් නෙවෙයි හැමදාටම මහජන මුදල් වලින් ගොඩනගන කිසි දෙයක් දේශපාලනඥයින්ට විවෘත කරන්න ඉඩ නොදිය යුතුයි. එයාලා ලෝකෙට ණය වෙලා ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රිකට් ක්‍රීඩාංගන, ගුවන්යානා එන්නැති ගුවන්තොටුපොළ හදලා උත්සව තියලා විවෘත කරනවා. අපි කඹුර කඹුරා ණය ගෙවනවා.
අන්න නියම ක්‍රමය. හැම දෙයක්ම විවෘත්ත කරන්න ලොක්කොම ඕනද?
විය යුතු දේ වෙමින් පවතී.
ඉරමුදුන් වෙනතුරු නිදාගන්නා දේශපාළුවන් යම් දෙයකට යන්නේ ඉතාම ප්‍රමාද වෙලා. වර්තමානයේ නිවැරදිව ක්ෂණිකව සේවාලාභීන්ට සේවය කරන සේවකයින්ට කා දැමීමට කාලයක් නැති නිසා ඉකිමනින් වැඩ ආරම්භ කරන්න ඇතිනේ. මේ කට්ටියේ අයගේ තක්සේරු කිරීම් ගැන සතා සීපාවන් පවා දන්නවා
අන්න හොද වැඩ. මේ දේශපාලුවන්ට තැනක් දෙන්නේ නැතුව ඔහොම කරපු එක නම් නියමයි. ආචාරය ඒ දේ කරපු මහත්වරුන්ට.
මේක තමයි වෙන්න ඕනි, මොකද මේවා හදන්නේ මැති ඇමතිලගේ පුද්ගලික බුදලෙකින් නෙවෙයිනේ. එහෙම උනානම් නම් ගම දැම්මට කමක් නෑ.