(සමන් පාලිත නානායක්කාර)
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ දී බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මත් පැන් විකිණූ පුද්ගලයෙකු අද (31) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ දූෂණ මර්දන අංශය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී අරක්කු බෝතල් 81 ක් සොයා ගෙන තිබේ.
කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. ඒ. ඩී.පී පත්මකුමාර මහතාට ලැබුණු තොරතුරක් අනුව උපාය දුතයෙකු යොදවා කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මත්පැන් හල් වසා ඇති බැවින් අධික මිලට අලෙවි කිරීම සඳහා ඔහු මත්පැන් නිවසේ සඟවා තබාගෙන තිබූ බව පොලීසිය කියයි.
සැකකරු නඩු භාණ්ඩ ද සමඟ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd