IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඳිරි නීතිය කඩ කළ ඌවේ 167 ක් අත්අඩංගුවට

එෆ්.අස්ලම්

කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් රට තුළ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත තත්වය මත පනවා පොලිස් ඇදිරි නීතිය කඩකළ පිරිස් 3000කට අධික පිරිස අතරින් ඌව පළාත්  පුද්ගලයින් 167 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙන බව ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය.

පසුගිය 20 වනදා සිට 26 වනදා තෙක් පැවති ඇදිරි නීති කාල සීමාව තුළ මාර්ගයේ නිකරුනේ හැසිරීම, ඇතුළු ඇදිරි නීතියට පටහැනි විවිධ චෝදනාවන් මත මෙම පුද්ගලයින් 167 දෙනා  අත්අඩංගුවට ගෙන තිබෙන අතර වාහන 23ක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.

බදුල්ල දිසාවේ බදුල්ල හා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස වලින් සහ මොණරාගල දිසාවේ යොදවා ඇති පොලිස් මාර්ග බාධක වලින් සහ ජංගම සංචාරවල නිරත නිලධාරීන් විසින් මෙම පිරිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවද කීය.

මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීම සදහා බදුල්ල හා මොණරාගල දිසාවන්හි සියළු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබෙන බවද පොලිස් ජංගම මුර සංචාර සහ මාර්ග බාධකද යොදවා තිබෙන බවත් ඇදිරි නීතිය කඩකරන සියළුම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවසන් වශයෙන් සදහන් කලේය.



අදහස් (0)

ඇඳිරි නීතිය කඩ කළ ඌවේ 167 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site