හිරාන් ප්‍රියංකර ජයසිංහ
පල්ලම පොලිස් වසමට අයත් අඩම්මන ප්‍රදේශයේ ඇදිරි නීතිය කාලයේ රතඹලා ඔයේ මහා පරිමාණ ලෙස වැලි ගොඩ දමමින් සිටි ජාවාරම්කරුවෙකු හා වැලි ප්‍රවාහනය සදහා සූදානම් කළ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලීසිය සමත්විය.
පල්ලම පොලිසියේ විශේෂ කාර්යංශයේ සේවය කරන පොලිස් සැරයන් 61577 පී.එම්.සී.බණ්ඩාර යන අයට ලැබූ තොරතුරක් මත පොලිස් නිලධාරින් එම ස්ථානයට යන විටත් වැලි ජාවාරම්කරුවන් වැලි ගොඩ දමමින් සිටි අතර එම අවස්ථාවේ එහි සිටි සේවකයින් හතර දෙනෙකු පලාගොස් ඇති අතර ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අඩම්මන ප්‍රදේශයේ පදිංචි අයෙකි.
කාලයක් තිස්සේ සැකකරු මෙම ජාවාරම පවත්වා ගොස් ඇති අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක සමයේ සිය ලොරි රථයෙන් වැලි රැගෙන ගොස් සිය පදිංචි ඉඩමේ එක්රැස් කොට ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වැලි විකිණීමට සැලසුම් කර ඇති බව මූලික විමර්ශන වල දී අනාවරණය වී තිබේ.
වැලි ගොඩ දැමීමට උපයෝගී කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පල්ලම පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 04
283
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇඳිරිය අස්සේ වැලි ජාවාරමක් වටලයි