IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඇඳීරිනීතිය පැවතියත් බේරුවල ධීවර වරායේ වැඩ සෞඛ්‍යාරක්ෂිතව සිදුකෙරේ

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළින් සාමාන්‍ය ජනතාවට මත්ස්‍ය අලෙවිය සිදු නොවන බවත් කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම හේතුවෙන් දිනකට පැය හතරක කාලයක් පමණක් වරාය පරිශ්‍රය තුළට ධීවර සංස්ථාවේ හා අවසරලත් ශීතාගාර සහිත ලොරි රථ පමණක් ඇතුල් කර ගන්නා බවත් බේරුවල ධීවර වරායේ කළමනාකාරු එඩ්වඩ් දයාමාල් මහතා අද (09) පැවසීය .

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලයේදී වරාය පරිශ්‍රයට පැමිණ බහුදින යාත්‍රාවල මත්ස්‍ය අස්වැන්න ක්‍රමවත්ව බෙදාහරින බවත් ඒ මහතා කීය.

බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් දෛනිකව වරාය පරිශ්‍රයට ඇතුල් කරගන්නා ධීවර ව්‍යාපාරිකයන් සහ එම යාත්‍රා සේවකයින්ද මුඛ ආවරණ සහිතව මීටරය පරතරය තබාගෙන ප්‍රධාන කටයුතු කරනු ඇති බව කළමනාකාරවයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම පිරිස් නිරීක්ෂණය කිරීමට බේරුවල වරාය පරිශ්‍රය තුල නාවික හමුදාව , විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් කටයුතු කරන අතර මේ වන විට කොරෝනා වයිරසය පැතිරයාම අවම කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් එම ජනතාව අකුරටම ඉටු කරමින් කටයුතු කරන බවත් වරාය කළමනාකාර වරයා පැවසීය .

 



අදහස් (0)

ඇඳීරිනීතිය පැවතියත් බේරුවල ධීවර වරායේ වැඩ සෞඛ්‍යාරක්ෂිතව සිදුකෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site