(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ඇඳිරිනීති පැවතියේදී අද (27) මැණික් ගැරූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලිසිය කියයි.
මෙම පුද්ගලයින් මස්කෙළිය පොලිස් වසමට අයත් ෆෙයාලෝන් තේ වතුයායේ මැණික් ගරමින් සිටියදී පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
මොවුන් බලංගොඩ හා සාමිමලේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් හෙට (28) හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මස්කෙළිය පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd