IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇඳිරිනීතිය අස්සේ ගස් කපලා

 (හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ඳිරිනීතිය පවතින කාළය තුළ යම් පිරිසක්   කොට්ටුකච්චිය  ජලාශයේ  පාවුල  ඇති දැවැන්ත  මාර ගස් කැපීමේ ජවාරමක නිරත වී ඇති  පුත්තලම දිසා  වන නිලධාරී ඩී.එම්.බී. එම් බණ්ඩාර මහතා පැවසීය.
 
ඊයේ රාත්‍රියේ (15)  කොට්ටුකච්චිය ජලාශයේ පාවුල ඇති වසර 100ක් පමණ පැරණි දැවැන්ත මාර ගස් යම් පිරිසක් කපනු දුටු  ප්‍රදේශවාසීන් විසින් වන සංරක්ෂණ නිලධාරීන්  හා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණි.
 
මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ පුත්තලම දිසා වන නිලධාරී ඩී. එම්. බී.එම්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිස අදාළ ස්ථානයට පැමිණෙනවිට දැව ජාවාරම්කරුවන් පලා ගොස් තිබූ බවත් ඒ වන විටත් දැවැන්ත මාර ගසක කොටසක් කපා කොටස් කර තිබූ බවත් පොලිසිය කියයි. 
 
ඇඳිරි නීතිය පවතින කාලයේ මෙසේ දැව ජාවාරම්කරුවන් සිදුකරන වන සංහාරයන් පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙසද දිසා වන නිලධාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
කොට්ටුකච්චිය ජලාශයේ අලංකාරය වැඩි කළ මෙම මාර ගස්, ජාවාරම්කරුවන් විසින් වැනසීමට එරෙහිව ජනතාව මේ වන විට දැඩි විරෝධයක් මතු කර තිබේ.



අදහස් (0)

ඇඳිරිනීතිය අස්සේ ගස් කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site