(ක.ග.කරුණාරත්න)
ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කාලසීමාවේ අරලගංවිල පොලිස් වසමේ පිඹුරත්තෑව සහ ඇල්ලේවැව යන ප‍්‍රදේශවලදී මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයො 16 දෙනෙකු අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.
ලැබුණු තොරතුරක් මත අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති,පොලිස් පරීක්‍ෂක කේ.ඩබ්ලිව්.පී.පේ‍්‍රමලාල් මහතාගේ මෙහෙයවීමෙන් මේ වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් සියලූම දෙනා ඇල්ලේවැව,පිඹුරත්තෑව සහ ඒ අවට පදිංචිකරුවන් බව හෙළිවී තිබේ.
ඇඳිරි නීතිය කඩකර,නීරෝධායන පනත උල්ලංඝණය කරමින් මෙම නීති විරෝධී ක‍්‍රියාවේ නිරතවීම සම්බන්‍ධයෙන් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියා මාර්ග ගන්නා බව විමර්ශණ සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
ඒ අනුව සැකකරුවන් සියලූ දෙනාම අද(10) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඒ් නිලධාරීහු කීහ.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd