(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් කාසල්රි ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් කඩා කිසියම් පිරිසක්අද (25) දින මධ්‍යම රාත්‍රියේ ඇතුල් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
කාසල්රි ජලාශ වේලට ආසන්නයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්මික අභ්‍යාස විද්‍යාලයට ඉදිරිපිට සහ හැටන් නොටනබ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ මත්පැන් අලෙවිසැලක් තුලට (25) දින රාත්‍රි 12 ට පමණ කිසියම් පුද්ගලයෙකු විසින් එම මත්පැන් අලෙවිසැලේ සවි කර තිබෙන ආරක්ෂිත කැමරාව වෙනත් දිශාවකට හරවා ඉදිරිපස අගුලා තිබු ඉබි කඩා මත්පැන් අලෙවිසැලට ඇතුල් වි ඇති බවයි පොලිසිය කියා සිටියි.
මත්පැන් අලෙවිසැල කඩන ශබ්දය මත්පැන් අලෙවිසැල අසලට පිහිටි නිවාස වල පදිංචිකරුවන්ට ඇසි එ පිලිබද කාසල්රි ජලාශ වේල්ල ආසනනයේ රාජාරියේ නියුතු පොලිසිය නිලධාරින්ට සහ හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසු පොලිස් නිලධාරින් එම ස්ථානයට යාමට ප්‍රථම මත්පැන් අලෙවිසැල කඩා ඇතුල් වු පුද්ගලයා ඉන් පලා ගොස් ඇත.
මුහුණු ආවරණය කරගෙන මත්පැන් අලෙවිසැලට ඇතුල් වු පුද්ගලයා මත්පැන් අලෙවිසැලේ මුදල් ලාච්චුවද විවෘත කර ඇති අතර ඉන් අනතුරුව මද වේලාවක් මත්පැන් අලෙවිසැලේ රැදි සිට මත්පැන්සැලෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේය.
එම මත්පැන් අලෙවිසැලේ මුදල් ලාච්චුවේ මුදල් නොතිබුණු බවත්, පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසින් වහාම එම ස්ථානයට යාමත් සමග සැකකරුට මත්පැන් ශාලාවේ තිබු වෙනත් කිසියම් භාණ්ඩයක් රැගෙන යාමට නොහැකි වි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.
ඇදිරි නිතිය පනවා තිබු කාලයේ මිට ප්‍රථම හැටන් , නොර්වුඩ් , කොටගල යන නගරවල මත්පැන් අලෙවිසැල් කඩා සැකකරුවන් විසින් ඉන් මත්පැන් බෝතල් රැගෙන ගොස් තිබේ.
කාසල්රි ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැල කඩා ඇතුල්විම සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
356
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
431
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇදිරිනීතීයේදී හැටන් මත්පැන් අලෙවිසැලකට හොරු පැනලා