IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇත්දළ විකිණීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
 
වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ දී ඇත්දළ දෙකක් විකිණීමට ගිය පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බවට මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පැවසූහ.


මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක්ට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් ඕමන්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසියක දී අදාළ ඇත්දළ විකිණීමට ආ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පරික්ෂා කිරීමේදී ඔහුගේ බෑගයක තිබූ අඩි දෙකහමාරක් පමණ දිගින් යුත් ඇත්දළ දෙකක් සොයාගෙන ඇති අතර අදාළ ඇත්දල දෙක රුපියල් ලක්ෂ 4 කට විකිණීමට සැලසුම් කර තිබූ බවට මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඇත්දළ සමඟ සැකකරු වව්නියාව වනජීවි නිලධාරීන් බාරදී අධිකරණයට ඉදිරිපත් කිරීමට මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගනු ලැබීය.



අදහස් (0)

ඇත්දළ විකිණීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site