
(සුමතිපාල දීයගහගේ)
ආහාර පනතේ නීති උල්ලංඝනය කිරිමේ චෝදනාවලට වැරදිකරුවන් වූ හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය එක් අයෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000 ක දඩ අද (4) නියම කළාය.
මෙසේ දඩ නියම කරන ලද්දේ මිහිරිපැන්න සහ උණවටුන ප්‍රදේශයේ හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකුටය.
කුකුල් අසුචි තැවරුණ බිත්තර ආහාර සුදානම් කිරිමට ගැනීමට ගබඩා කර තැබිම සහ මැස්සන්ට නිරාවරණය වන පරිදි පිසූ ආහාර ගබඩා කර තැබීම යන චෝදනාවලට වැරදිකරු වූ එක් හෝටල් කළමනාකරුවකුට රුපියල් 10,000 ක් ද, පියන් නොමැති කසළ බදුන් විවෘතව තැබීම, කල් ඉකුත් වූ චොකලට් ගබඩා කර තැබීම යන චෝදනාවලට අනිත් කළමනාකරුට ද රුපියල් 10,000 ක් නියම විය.
හබරාදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පි ඒ සිසිර කුමාර සහ කතලුව මහජන සෞඛ්‍ය පරික්ෂක සුජන්ත ජයසිරි යන මහත්වරුන් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd