IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආවා කල්ලි පහරදීමකින් පුද්ගලයෙක්ට තුවාල


 
 
රොමේෂ් මධුෂංඛ

 
යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක ආවා කල්ලිය යාපනය මානිප්පායි ප්‍රදේශයේ සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා ඇති බව යාපනය මානිප්පායි පොලිසිය පවසයි.


අදාළ පහරදීම ධනුරොක් නමැති කල්ලියේ සාමාජිකයකුගේ නිවසකට එල්ල වී ඇති අතර  පළමුව පෙට්‍රල් බොම්බ ප්‍රහාරයන් දෙකක් එල්ල කර ඇති අතර පසුව නිවසට ඇතුළු වූ කණ්ඩායම නිවසේ වැඩකරමින් සිටි මේසන් බාස්වරයකුට පහර දී පලා ගොස් ඇත.


සැකකරුවන් යතුරුපැදි තුනකින් පුද්ගලයින් නම දෙනෙකු පැමිණ අදාළ නිවස වෙතට පැමිණ පුද්ගලයාට පහරදී නිවසට ද අලාභ හානි සිදුකර පලා ගොස් තිබේ.


සැකකරුවන් පලා යන අවස්ථාවේදී පොලීසිය විසින් සිදුකරන ද සෝදිසි මෙහෙයුමකදී සිදුවීම සම්බන්ධයෙන් ආවා කාල්ලියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මානිප්පායි ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18 ත් 23 ත් අතර තරුණ‍යින් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (0)

ආවා කල්ලි පහරදීමකින් පුද්ගලයෙක්ට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 230 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site